Thursday, September 11, 2014

මුහුණේ වැඩිපුර තෙල් ඇතිවීමට හේතු




Fairness-Tips-for-Oily-Skin-with-Home-Remedies-800x553





• ආරය
සමහර පවුල්වල සියලු දෙනාගේම මුහුණේ සම තෙල් සහිතයි. එයට හේතුව ඒ අයගේ සමේ වැඩිපුර ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි පිහිටා තිබීමයි. මෙවැනි උදවිය අතර කුරුළෑ බහුලව හටගන්න ඉඩ තිබෙනවා.
මුහුණට වුවමනාවට වඩා සත්කාර කිරීම,
සමහර තරුණ තරුණියන් ඔවුන්ගේ මුහුණේ පැහැය ගැන වුවමනාවට වඩා උනන්දු වෙනව. මුහුණ පැහැපත් කර ගැනීමටට වුවමනාවට වඩා Cleanser වර්ග,Scrub වර්ග සමහර ඔෟෂධ වර්ගත් වැඩිපුර තෙල් නිපදවීමට වගකියන්න ඕන. හෝමෝන අඩංගු උපත්පාලන පෙති වර්ග සහ වෙනත් සමේ වියළි බවට හේතුවන විවිධ ඔෟෂධ වර්ග කාලාන්තරයක් ගත්තම සම තෙල් සහිත වෙනව.
ඒ විතරක් නෙමේ, කාන්තාවන්ගේ ශරීර තුළ පිරිමි හෝමෝනවල ක්‍රියාකාරිත්වය වැඩිවන අවධිවල සම තෙල් ගතියෙන් යුතු වෙනව. උදාහරණයක් ලෙස ආර්ථවය නතර වූ විට සහ ඒ අවට කාල සීමාවේදී කාන්තාවන්ගේ සම තෙල්බවින් වැඩිවෙන්න පුළුවන්.
මානසික ආතතියේදී වන්නේද මීට සමාන ක්‍රියාවකි. ඒ නිසා සමේ තෙල් ස්‍රාවයවීම වැඩිවෙනවා.
පිළියම්,
මෙසේ අධිකව තෙල් නිපදවී මුහුණේ සම තෙල්බවෙන් වැඩිවන අවස්ථාවලදී කෘත්‍රිම රූපලාවණ්‍යය ඔෟෂධ සහ ඒ වෙනුවට ගෙදරදීම පිළියෙල කරගත හැකි සරල ක්‍රම මඟින් මුහුණේ තෙල් සහිත බවෙන් මිදීමට පුළුවන්.
මුහුණ හොඳින් සෝදන්න,
මුහුණ සේදීම සඳහා තරමක් ආම්ලික Cleanser වර්ගයක් භාවිත කරන්න. ඒ මඟින් මුහුණේ ආරක්‍ෂක ස්ථරය ආරක්‍ෂා කරනවා පමණක් නොව මුහුණේ සමේහි ඇති හිතකර බැක්ටීරියා වර්ගද ආරක්‍ෂා වේ. මඳ උණුසුම් ජලයට දෙහි ඇඹුල් බින්දු කිහිපයක් මිශ්‍රකර ඒවා මුහුණේ ආලේපකර පිසදැමීමෙන් මුහුණේ තෙල්ගතිය අඩුකර ගත හැකිය. සබන් මුහුණ සේදීමට යොදා නොගත යුතුය. සබන් භාෂ්මික බැවින් වැඩි නිසා සමට හානිකර වේ.
මුහුණට නිතර නිතර ඉජපභඡ වර්ග භාවිතයෙන් වළකින්න
මේ නිසාද අධික වශයෙන් සමේ මතුපිට ස්තරයට හානිවීමෙන් සම වියළීමටත්, ඒ වගේම වැඩිපුර තෙල් නිපදවීමටත් හේතුවේ. මේ වෙනුවට කිරි යොදය මුහුණේ ආලේප කිරීම, දෙහි යුෂ හා පිපිඤ්ඤා මඳ යුෂ ආලේප කිරීම වඩා සුදුසුය.
කිරි උසස්ම Cleanser එකකි. මේ මඟින් මුහුණේ සමේ තෙල් අඩුකරයි. මේ සඳහා නැවුම් එළකිරි ස්වල්පයකට සඳුන් තෙල් බින්දු කීපයක් මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තිබෙන්න හැර සිසිල් ජලයෙන් සෝදාහරින්න. නැතහොත් රාත්‍රියට ජලය කොටස් 04කට විනාකිරි කොටස් 01ක් මිශ්‍රකර එය ගෝස් කැබැල්ලකින් මුහුණේ තවරන්න. මෙයද විනාඩි 05ක් පමණ තිබෙන්න හැර සිසිල් ජලයෙන් සෝදාහරින්න. එවිට තෙල් ස්වභාවය අඩුවේ.
කෝමාරිකා මඳ ඉස්ම අනවශ්‍ය තෙල් උරාගනී,
මුහුණ සේදීමෙන් පසුව කෝමාරිකා මඳ මුහුණේ අතුල්ලා හෙමින් පිරිමදින්න. විනාඩි 15කට පමණ පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදාහරින්න. එවිට ඔබට තෙල් බවෙන් තොර නැවුම් බවක් දැනේවි.
බනානා – හනී
සමේ අධික තෙල් ඉවත්කර මුහුණ පැහැපත් කර ගැනීම සඳහා ඉදුණු කෙසෙල් ගෙඩියක් සමඟ මීපැණි තේ හැන්දක් හොඳින් පොඩිකර දෙහි ඇඹුල් බින්දු කීපයක්ද මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15ක් පමණ තිබෙන්න හැර සෝදා හරින්න.
ඉහත සඳහන් සරල පිළියම් මඟින් අධික තෙල් සහිත කරදරයෙන් මිදීමට ඔබට හැකිය.

No comments:

Post a Comment