Thursday, September 11, 2014

මෙන්න ලස්සන වෙන්න සරල ,සොභාවික ක්‍රම




සම වර්ණවත් කරගෙන ලස්සන වීමට
01 ගිතෙල් මේස හැඳි 01ක් මී පැණි මේස හැඳි 1 1/2 එකට මිශ්‍ර කර උදේ හිස් බඩ පානය කරන්න
02 උදෑසන (සති කිහිපයක් ) මුඩමහන කැඳ පිස පානය කිරීම
03 රණවරා මල් තම්බා බීම (සති කිහිපයක් එක දිගටම ගත යුතුය )
04 කෝමාරිකා මඳ එළකිරෙන් අඹරා ඇඟේ ගා පැයකට පසු සෝදා පිරිසිදු වීම .
05 කස්තුරි කහ ,සුදු හඳුන් කුඩු ,සුවඳ කොට්ටන් ,වෙනිවැල්ගැට කුඩු ඇල්වතුරෙන් සිනිදුවට මිශ්‍ර කොට පැයකට පමණ පසු සෝදා හැරීම1345193561605
මෙය දියාරුවට සකස්කොට රාත්‍රී ආලේප කර උදේට සෝදා හැරීමද සුදුසුයි .
06 මුං ඇට කබලෙන් බැඳ කුඩු කර කැකිරි මඳ සමඟ සිනිඳුවට අඹරා රාත්‍රී කාලයේ ආලේප කොට උදේ සෝදා හැරීම
පිටතින් ආලේප වර්ග කොතරම් ආලේප කලද පැහැපත් සමක් හා මුවක් සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ පිරිසිදු මනසයි .මනස පිරිසිදු වන්නේ යහපත් සිතුවිලි නිසාවෙනි .ඉවසීම .මෛත්‍රිය ,කරුණාව යහපත් සිතුවිලි වේ .එසේම පිරිසිදු ජලය වැඩියෙන් පානය කිරීම ද අත්‍යවශ්‍ය වේ .ආහාර සඳහා වැඩියෙන් එළවලු ,පලතුරු පලා වර්ග ගැනීමද කොළ කැඳ හා ඔසුපැන් ,එළකිරි පානය කිරීමද ශරීරයේ පැහැපත් බවට ඍජුවම බලපාන සාධක වේ
හිසකෙස් සඳහා …
හිසකෙස් සම්බන්ධයෙන් බොහෝ පුද්ගලයන්ට කුමන හෝ ගැටළුවක් පවතින බව රහසක් නොවේ .අකලට හිස කෙස් සුදු වීම ,හිස කෙස් ගැලවී යාම ,හිස්හොරි ඇතිවීම මින් ප්‍රධාන තැනක් ගනී .සෑම දිනකම හිසෙහි තෙල් ගැල්වීමේ පැරණි පුරුද්ද සමාජය තුලින් ගිලිහී යෑමේ ප්‍රථිපලයක් ලෙස බහුලව දකින කෙස් සම්බන්ධ ගැටළු පැනනැගීම සඳහා හේතුවක් වී තිබේ .එකල නිවසේදීම පිළියෙළ කරගන්නා ඖශධිය තෙල් දිනපතා හිසේ ගැලවීම පැරණි කතුන් විසින් පුරුද්දක් ලෙස කරන ලදී .අද කාන්තාවන් වෙළඳ පොළට ගොස් ඖශධිය කේශාලේපයක් තෝරා ගැනීමට තරම්වත් දැනුමක් නැත .ඔබගේ හිසකෙස් සම්බන්ධව ගැටලුවට විවිධ කේශාලේප ගැල්වුවද පිලියමක් නොලැබුණේ ඒ නිසාය .ඖශධිය කේශාලේපයක් ගැනීමේදී ප්‍රථමයෙන් ඉන් ඖශධිය සුවඳක් දැනේදැයි සැලකිලිමත් වන්න .(බෙහෙත් සුවඳක් )නහය කඩාගෙන යන මල් සුවඳින් යුත් තෙල් වර්ග වනාහී විවිධ රසායනික ද්‍රව්‍ය යොදා සුවඳ කල සුදු පැහැ පොල් තෙල් වර්ගයක් විය හැක .ඒවා ගැල්වූ විට එහි අඩංගු රසායනික ද්‍රව්‍ය නිසා ඔබට අනාගතයේදී හිස සම්බන්ධ ගැටළුවලට මුහුණ පෑමට සිදුවිය හැක .තවද කෙශාලේපයක් මිලදී ගැනීමේදී නිපදවන්නා කවුරුදැයි සොයා බලන්න .ඖශධිය ආයුර්වේද තෙලක නිෂ්පාදනය කිරීමට බොහෝ දැනුම ඇත්තේ ආයුර්වේද වෛද්‍යවරයෙකුට වේ .එමනිසා ප්‍රථමයෙන් ඉතා හොඳ ඖශධීය තෙලක් දිනපතා ඔබේ හිසේ ගල්වා ඇඟිලි හොඳින් හිස්කබල පිරිමදින්න .සම්භාහනය කරන්න .
අනවශ්‍ය රෝම ඉවත්කර ගැනීමට
මේ සඳහා ආයුර්වේද ප්‍රතිකාරයක් තිබේ .කිසිදු විටෙක රේසරයක් මඟින් ඉවත් කිරීමට උත්සහ නොකරන්න .එසේ වුවහොත් සිදුවන්නේ තව තවත් රෝම වර්ධනය වීමයි .ඒ සඳහා පහත ප්‍රතිකාරය අනුගමනය කරන්න .
සංඛචූර්ණය ග්‍රෑම් 24
හිරියල් ග්‍රෑම් 12
මනෝශීල ග්‍රෑම් 8
ස්වර්ජික්ෂාර ග්‍රෑම් 12
මේ සියල්ල ඇල්දියෙන් අඹරා රෝම ඉවත් කල යුතු තැන්වල පිට පිට දින 07ක් ආලේප කිරීම සුදුසුයි.

No comments:

Post a Comment