Thursday, August 21, 2014

ලස්සන වෙන්න රූපලාවණ්‍යාගාරයට යා යුතුමද?




 ඔබේ පිළිවෙළ හා පවිත්‍රතාවද මේ සඳහා බෙහෙවින්ම බලපානු ලබයි. ඒ නිසා ඔබ කාන්තාවක වශයෙන් ඔබේ සිරුරෙහි පිරිසුදු බව හා සත්කාරයන් පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. එය ඔබ විවිධ ආලේපන භාවිතයෙන් ලබා ගන්නා ක්‍ෂණික සුන්දරත්වයට වඩා පිරිසුදුභාවයෙන් ඉස්මතු වන සුන්දරත්වය වඩා ආකර්ෂණීය බවක් ගෙන දෙයි. එහෙයින් අද අප ඔබ හමුවට ගෙන එන්නේ එලෙස ඔබව ඇතුළාන්තයෙන්ම සුන්දර කරන ආකාරයයි. ඒ සඳහා ප්‍රථමයෙන්ම ඔබේ මානසික සහනය සලසා ගත යුතුය. • පිරිසුදුකම • මනා සෞඛ්‍ය • පිළිවෙළ • සනීපාරක්‍ෂාව • නිවැරැදි ව්‍යායාම • සමබල ආහාර ගැනීම • සුව නින්ද • යහපත් සිතිවිලි • නිවැරැදි ඉරියව් ඔබේ මනා පෞරුෂයෙන් යුත් රූපයට ඉවහල් වන සාධකයන් අතර වේ. ඔබේ රුව රැක ගනිමින් නිරෝගීව සිටීමටත් මෙම කරුණු ඉවහල් වේ. හිසකෙස් කාන්තාවගේ ලාලිත්‍ය දිස්වන පංච කල්‍යාණියෙන් එක් අංගයක් ලෙස කේශ කල්‍යාණිය හඳුනා ගත හැකිය. ඔබ මුහුණට තරම්ම ඔබේ හිස කෙස්වලටත් අවධානය යොමු කරන බව සත්‍යයකි. එහෙයින් ප්‍රථමයෙන් හිසකෙස් පිරිසුදු කරන ආකාර පිළිබඳ අවධානය යොමු කළ යුතුය. මේ සඳහා හිසකෙස්වලට ගැළපෙන නිවැරැදි ෂැම්පු වර්ගයක් තෝරා ගනිමින් හිස කෙස් සෝදා ගන්න එවිට ඔබේ හිසේ ඇතිවන විවිධ ආසාදන තත්ත්වයන් වළකා ගත හැකි වේ. එනම් ඉස්හොරි හා උකුණන් ඇතිවීම් වැළකීම මඟින් ඔබේ හිසකෙස් ආරක්‍ෂා කරගත හැකිය. හිසෙහි දද, කුෂ්ඨ ඇතිවීමද මෙමඟින් වළක්වා ගත හැකිය. ඔබේ හිසකෙස් ප්‍රසන්න සුගන්ධයකින් පවත්වා ගැනීමටද හැක. සබන් භාවිතය ඇතැම්විට හිස කෙස් පිරිසුදු කිරීමට සබන් භාවිතය සුදුසු නොවන බවට මතයක් පවතියි. මෙයට හේතු වනුයේ සමහර සබන්වල කෝස්ටික් සෝඩා අඩංගු වන හෙයින් එය ඉස්හොරි සෑදීමට හේතු වන බැවිනි.acne_spot_treatmnt1 කොට්ටය තවද හිස තබනා කොට්ටයද හොඳින් සෝදා පිරිසුදුව තබා ගැනීමට වග බලා ගන්න. එමෙන්ම ඔබේ හිසකෙස්වලට උචිත වන කන්ඩිෂනර් වර්ගයක් භාවිත කිරීමත් වඩා සුදුසු වේ. මෙම කන්ඩිෂනර් භාවිත කිරීමේදී හිසේ සමට නොවදින ලෙස භාවිත කිරීමටත් වගබලා ගන්න. තවද නිරෝගී දීප්තිමත් කෙස් කලඹක් සඳහා නිසි සත්කාරයන් මෙන්ම සමබල පෝෂණයත් ඉතාම වැදගත්ය. එහිදී තම හිසකෙස්වලට උචිත වන නිෂ්පාදන භාවිත කිරීමටත් තද උණුසුම් විදුලි යන්ත්‍ර භාවිත නොකිරීමටත් උනන්දු වන්න. මුහුණ ඔබේ සිරුරට කරන සත්කාරයන් අතරින් වැඩි අවධානයක් යොමු වන්නේ මුහුණටය. මන්ද ප්‍රථමයෙන්ම ඕනෑම පුද්ගලයකුගේ නෙත ගැටෙන්නේ මුහුණ වෙත බැවිනි. ශරීරයේ සංවේදීම සමේ ව්‍යුහය පවතින්නේ මුහුණේය. එහෙයින් මුහුණ පිරිසුදු කිරීමේදී මෙන්ම විවිධ සත්කාරයන් සිදු කිරීමේදී වඩා පරිස්සම් සහගත වීම වැදගත්ය. ෆේෂල් සත්කාරයක් ඔබේ සිරුරේ මෙන්ම මුහුණේ සමද කාලයත් සමඟ මිය යයි. මෙම මැරුණු සම මසකට වරක්වත් ඉවත් කරමින් නිසි ෆේෂල් එකක් කරගත හැකි නම් එය ඔබේ මනසටද මනා සත්කාරයක් වනු නිසැකයි. එලෙස එමඟින් ඔබේ මුහුණට පැහැපත් බවක්, මාංශ පේශීන්ගේ ශක්තිමත්වීමක් මෙන්ම හොඳ රුධිර ගමනාගමනයක්ද සිදු වේ. මෙය ඔබේ මානසික සුවයටද මනා පිටුවහලක් සිදු කරයි. ඔබේ සමට ගැළපෙන (වියළි තෙල්, සාමාන්‍ය සම) සේදුම්කාරකයකින් දිනපතා මුහුණ සේදිය යුතුය. ඇතැම් අයට කෝස්ටික් සෝඩා අඩංගු සබන් වර්ග සුදුසු නොවේ. එහෙයින් සේදුම්කාරක මුහුණට භාවිතය වඩාත් සුදුසුය.tabby-casto-make-up විවිධ සත්කාර ඔබේ සමට සිදු කරන විවිධ සත්කාරයන් අතර ක්ලෙන්සර්, ස්ක්‍රබ්, ටෝනර් වර්ග මෙන්ම රාත්‍රියට හා දවාලට සුදුසු ආලේපනයන් නිසි ප්‍රමිතියෙන් යුතුව තෝරා ගැනීමටත් උනන්දු වන්න. එමෙන්ම මසකට වරක් වත් මැරුණු සම ඉවත් කළ යුතු නිසා නිතර නිතර ස්ක්‍රබ් භාවිත කිරීම සමට එතරම් සුදුසු නොවිය හැකිය. එමෙන්ම සමබල ආහාරවේලක් සහ හොඳින් ජලය පානය කිරීමත්, උඍ කිරණට නිරාවරණය නොවීමත්, අනවශ්‍ය රසායන ද්‍රව්‍ය, සැර ද්‍රව්‍ය පැහැපත් කරන ආලේපනයන් හිතුමතේ මුහුණට ගැල්වීමෙනුත් වළකින්න. එය නුසුදුසු වන්නේ බොහෝ විට ඒවායේ බ්ලීචින් වර්ග අඩංගු විය හැකි බැවිනි. එය මුහුණේ සමට අහිතකර වන අවස්ථාද ඇතිවිය හැකිය. මුහුණ පිස දැමීම මුහුණ පිස දමන තුවායන් ඉතාම මෘදු විය යුතුය. මුහුණ තදින් නොව තෙත මාත්තු කරමින් පිසදා ගැනීම වඩාත් සුදුසුයි. එමෙන්ම දහදිය පිස දමන විට මුහුණ තදින් පිස දැමීමෙන් වළකින්න. එය ඉක්මනින්ම ඔබේ සම එල්ලා වැටීමට හේතු විය හැකිය. තවද මුහුණේ කළු පැල්ලම් මතුවීමටද මෙය හේතුවක් විය හැක. Make Up මුහුණට Make Upභාවිත කිරීමෙන් පසු අනිවාර්යයෙන්ම Make Up ඉවත් කරන සේදුම්කාරකයක් භාවිත කළ යුතුය. එමෙන්ම ඔබ භාවිත කරන Make Up වර්ගයන් ප්‍රමිතිගතද යන්න පිළිබඳවත් අවධානය යොමු කරන්න. අවම වශයෙන් ඔබේ මුහුණ දිනකට දෙවතාවක්වත් සේදුම්කාරකයක් යොදා ගනිමින් පිරිසිදු කර ගැනීමට වග බලා ගන්න. තොල් සඳහා සුදුසු ආලේපනයක් ඹ්ඪන ඕචතථ භාවිත කරන්න. නියපොතු අත් හා පාදයේ නිය පිරිසුදු කිරීමටත් විවිධ ක්‍රමවේද භාවිත කිරීම වැදගත්ය. එමඟින් අත්ලේ සමට නිසි පෝෂණයක්, රුධිර ගමනා ගමනයත්, මාංශ පේශීන් ශක්තිමත් පැහැපත් බවක් ලබාගත හැකි වේ. නිය ආලේපන එසේම නිය ආලේපන විවිධ අවස්ථාවලදී ආලේප කළ දින 3කට වරක්වත් ඒවා ඉවත් කළ යුතුය. නැතිනම් පාදවල විවිධ දිලීර රෝග මතුවිය හැකිය. එමෙන්ම නොයෙකුත් රසායන ද්‍රව්‍යයට (සබන් වර්ග) ජලය වැනි දේට නිතරම අත් පා ගැටීම නිසා නියපොතුවල දුර්වලතාවක් හා ලෙඩ රෝග ඇතිවීමක් සිදුවිය හැකිය. මේ අයුරින් ඔබේ සිරුර පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙමින් ආකර්ෂණීය ප්‍රසන්න පෙනුමක් ඔබටත් ලබාගත හැකි වනු නිසැකයි.

No comments:

Post a Comment