Monday, October 6, 2014

මුහුණට ස්වභාවික පිරිසිදු කාරක 5 ක්

5 Natural Facial Cleansers

මී පැණි

මීපැණි වල අඩංගු එන්සයිම වලට මැරුණු සෛල විනාශ කර ඔබේ අළුත් සම මතු කිරීමේ හැකියාවක් තිබෙනවා. සංවේදී හෝ සාමාන්‍ය සමක් ඇති සියළු දෙනාටම මීපැණි ඉතාම සුදුසු ස්භාවික පිරිසිදු කාරකයක්.

වෙළදපලින් මී පැණි ලබාගැනීමේදී හැකිතාක් කලවම් නොවුණු මී පැණි ලබා ගැනීමට වගබලා ගන්න. සිංහල ආයුර්වේද බෙහෙත් සැල් වලින් ඉතා හොද මීපැණි ලබාගන්න පුළුවන්.

උපදෙස්

  • ඵලදායී ප්‍රතිඵල ලාබාගැනීමට නම් මී පැණි ආලේප කිරීමට පෙර සම වියළි බවට සහතික විය යුතුයි.
  • මිනිත්තු 15ත් 20ත් අතර කාලයක් ගල්වා තබීම සෑහේ.
  • සෝදා හැරීමට උණු වතුර යොදාගැනීම සුදුසුයි.
  • සම තෙත්කරන (moisturizer) භාවිත කිරීම අනවශ්‍යයි. විශ්වාස කිරීමට අපහසු තරමේ සිනිදු සමක් ඔබට ක්‍රියාවලිය අවසානයේ ලැබේවි.

අලිගැට පේර

අලිගැට පේර වල අඩංගු තෙල් සංවේදී හෝ වියලි සමකට තෙත් වඩා සිනිදු ස්වභාවයක් ගෙන දෙනවා.

උපදෙස්

  • මේ සදහා ඉදුණු අලිගැට පේර තෝරා ගත යුතුයි.
  • අලිගැට පේර මදය කුඩා භාජනයකට සූරාගන්න.
  • ඔබට ඇත්තේ සම මිශ්‍ර වර්ගයේ සමක් නම් දෙහි ගෙඩියක යුශ එයටම එක්කරන්න.
  • මිනිත්තු 10ක් ගල්වා තිබීම සෑහේ.
  • ඉවත් කිරීමට උණු ජලය සහ තුවායක් භාවිත කරන්න.
  • සම තෙත්කරන (moisturizer) භාවිත කරන්න එපා.

අන්නාසි

අන්නාසි!! ඔවු පුදුම වෙන්නට කාරණයක් නැහැ. අන්නාසි වලට අන් කවර දෙයකටත් වඩා ඔබේ සම ඉතා හොදින් පිරිසිදු කිරීමට පුළුවනි.

උපදෙස්

  • ඔබට අළුත කැපූ අන්නාසි වලල්ලක මදය මේ සදහා යොදාගත හැකියි.
  • ආලේප කිරීමට ප්‍රථම සම වියලි බවට සහතික කරගන්න.
  • ඉස්ම ලෙස සම මත ආලේප කල යුතු අතර සෑම විටමක ඇස් වටල නොයාමට වගබලා ගන්න.
  • මිනිත්තු 5 – 7ත් අතර ප්‍රමාණයක් හොදටම සෑහේ.
  • සෝදාහැරීමට උණු ජලය භාවිත කරන්න.
මේ සත්කාරය සියල්ලන්ටම සුදුසු නැහැ. අන්නාසි වැඩි ආම්ලික බවක් සහිත පළතුරක්. සමහරුන්ට අන්නාසි වලට අසාත්මිකතා තිබෙනවා. මේ ප්‍රතිකාරය තෝරාගැනීමට පෙර ඔබේ සමට ගැලපෙනවාදැයි සොයා බලන්න.

බිත්තර කහ මද

බ්ත්තර කහමදයේ සල්ෆර්/ ගෙන්දගම් අඩංගුයි. ගම් බ්ත්තර යොදාගැනීම වඩා ඵලදායී බවයි බොහෝ දෙනාගේ අදහස.

උපදෙස්

  • මේ ප්‍රතිකාරයට ප්‍රථම ඔබ සම පිරිසිදු කරගත යුතුයි.
  • බිත්තර කහමදය කුඩා බදුනකට වෙන්කර කහමදය මිශ්‍රකර ගන්න.
  • ඇස් මගහැර සමේ ආල්ප කර වේලෙන්නට හරින්න.
  • තුවායක උදව්වෙන් උණු ජලයෙන් සෝදා හරින්න.

පිපිඤ්ඤා

පිපිඤ්ඤා වලට ඔබේ සමට සිසිල් කිරීමේ හැකියාව තිබෙනවා. සමේ රතු ලප ඉවත්කිරීමට අංක ඒකේ පිලිතුරක්. මීට අමතරව සමේ දැවිල්ලට, ඉදිමුම් ස්වභාවයන් ඉක්මණින් නැති කරන්න පිපිඤ්ඤා වලට පුළුවනි.

උපදෙස්

  • පිපිඤ්ඤා කැබලි වලට කපා හොදින් blend කර මුහුණේ ගාන්න.
  • මිනිත්තු 5ක් පමණ ගල්වා තැබීම හොදටම සෑහේ.
  • ඉවත් කිරීමට උණු ජලය භාවිත කරන්න.
  • ඇස් වට පිපිඤ්ඤා පෙති දෙකක් (ඇස් වසා) තබා ගැනීම පිපිඤ්ඤා මිශ්‍යනය ගෑමට වඩා යෝග්‍ය වේ.
ඔබ නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා නම් පිපිඤ්ඤා සත්කාරය ඔබෙන් ගිලිහීයන සුන්දරත්වය නැවත ලබාගැනීමට බොහෙවින් ප්‍රයෝජනවත් වේවි.

No comments:

Post a Comment