Thursday, September 11, 2014

නිවැරදිව makeup එකක් කරන්නේ කොහොමද ?

  • පළමුව සම පිරිසිදු කරන්න ( සැමට ගැලපෙන ෆේස් වොෂ් එකක් මඟින් )
මුහුණේ තෙත ඉවත් කර ටෝනර් එකක් මුහුණට ස්ප්‍රේ කරන්න
නැතිනම් තෙත පුළුන් කැබැල්ලකට ටෝනර් තවරා මුහුණේ ආලේප කරන්න ( මධ්‍යසාර රහිත කියුකම්බර් ටෝනර් එකක භාවිතා කරන්න )
  • කැළැල් තිබේනම් පෑන් ස්ටික් එකෙන් මුහුණේ කැළැල් වසා ගන්න
පෑන් කේක් එක තෙත ස්පොන්ජ් එකකින් මුහුණට බෙල්ලට ආලේප කරන්න
ස්පොන්ජ් එක හොඳින් සෝදා වෙලා තබාගෙන ප්‍රයෝජනයට ගන්න අමතක කරන්න එපා .පෑන්කේක් වර්ණය සමට ගැලපෙන ලෙස තෝරා ගන්න .
  • ටිෂූ එකකින් තෙත මාත්තු කරන්න
  • කම්පැක්ට් පවුඩර් එක සැමට වඩා පාටක් අඩුවෙන් තෝරා ගන්න
කම්පැක්ට් පවුඩර් ආලේප කිරීමේදී බ්‍රෂ් එකකින් පහළට ආලේප කරන්න .සැමට පවුඩර් ටිකක් වැඩිපුර ආලේප කරන්නත් වගබලා ගන්න .
  • දැන් ඇහිබැම සකස් කරමු
මෙහිදී මතක තබාගත යුතු වන්නේ මුහුණ පිරිසිදු කිරීමට ප්‍රථම ඇහිබැම වල අනවශ්‍ය රෝම ගලවා සකස් කර ගැනීමයි .ඇහිබැම ඇඳීමේදී කෙටි ඉරි වලින් අඳින්න .
  • අයි ෂැඩෝ ගැලවීම කරමු
අද විලාසිතාව ස්වභාවික පාට ආලේප කිරීමයි .බේජ් කලර්ස් බොහෝ විට යොදා ගනියි .මුළු අසටම ලයිට් බේජ් කලර් එක ආලේප කිරීම විලාසිතාවයි .ඇස ඇරෙන තැනට ( crease line ) පාට ටිකක් තද කල යුතුයි .ඇතුළට මැද පාටක් සහ ඇස් කොනට ටිකක් තද පාටක් ආලේප කල යුතුයි .ඇස් පිහාටු මත පාට විහිදී යන ලෙස සකස් කල යුතුයි .
  • ඇස් යට හැඩ ගැන්වීමේදී යට අයිලයිනර් එක තද පාටින් කල යුතු අතර අයිලයිනර් පෙන් එකකින් ඇඳ ගන්න .
කාජල් එක පාවිච්චි කිරීමේදී තෙල් ගතිය නැති එකක් තෝරා ගන්න .කාජල් එක පාවිච්චි කිරීමේදී ඉතා සීරුවට අයි ලයිනර් ඇඳ ගන්න .
  • අයි ලෑෂ්ස් සඳහා මස්කාරා භාවිතා කරන අතර යට සිට උඩට ප්‍රවේශමෙන් ආලේප කරන්න .
මස්කාරා ආලේප කර වේලෙන තුරු ඇස් අරින්නේ නැතිව මඳ වෙලාවක් සිටිය යුතුයි .
දෑස විවර කර බ්ලෂර් ආලේප කරන්න .දුඹුරු තද රෝස වැනි වර්ණයක් තෝරා ගන්න ..
  • දැන් ලිප්ස්ටික් ආලේප කරමු
අද විලාසිතාවට තොල වටා තද වර්ණයෙන් ඉරක් අඳින්නේ නැත .ලිප්ස්ටික් වර්ණයට සමාන වර්ණයකින් තොල වටා ඇඳ ලිප්ස්ටික් ආලේප කරන්න .ලිප්ස්ටික් විලාසිතාව අද රතු වර්ණයයි .ඒත් අපට වඩා ගැලපෙන්නේ ඔරේන්ජ් වර්ණයයි .නේල් පොලිෂ් සඳහාද ඔරේන්ජ් වැනි බ්‍රයිට් කලර් විලාසිතාව උනත් තමන්ට ගැලපෙන වර්ණය තෝරා ගැනීම වැදගත් වේ .

1 comment: