Thursday, September 11, 2014

සමේ පෙනුම වැඩි කරන ස්වාභාවික සත්කාර


11


ඔබේ සමෙහි සුන්දරත්වය සුරකින ස්වාභාවික ද්‍රව්‍යයන් අඩංගු වන ආලේපනයන්ට නිතැතින්ම අවධානයක් යොමුවේ. ඒ එම ද්‍රව්‍යයන්හි සමන්විත වන ස්වාභාවික ශාක සාරයන්ගේ පෝෂණීය ගුණය නිසාමයි. එය සමට නිසි පෝෂණයක් ලබාදෙමින් සැබෑ සුන්දරත්වය ඉස්මතු කිරීමටද සමත්. තවද මෙහි විශේෂත්වය වනුයේ ඉන් සමට සිදුවන ආසාත්මිකතා නොමැති තරම් වීමයි.
එවන් වූ පෝෂණීය ගුණය රැගත් එළවළු හා පලතුරුවලින් ඔබේ සුන්දරත්වය ඉස්මතු කර ගැනීමට මෙලෙස භාවිතයට ගත හැකිය.
ඇපල්
සමට සිසිල
ඇපල්වලින් සාදා ගන්නා පල්පය ඔබේ මුහුණට සත්කාරයක් ලෙසද භාවිත කළ හැකිය. එය ගල්වා විනාඩි 10-15 පමණ පසු සෝදා ඉවත් කරන්නග ඔබේ විඩාපත් ඇස්පියන් මතටද මෙම ඇපල් මිශ්‍රණය තැබීමෙන් සිසිලසක් ලබාදෙයි. ඇපල් පොත්ත යටිපතුල් හා අත්මත ඇතිල්ලීමෙන් මෘදු හා පැහැපත් බවක් හිමි කරගත හැකිය.
කෙසෙල්
කැලැල් ඉවත් කිරීමට
කෙසෙල්, යෝගට් සමඟ මිශ්‍රකර හෝ නැතිව සාදා ගන්නා මිශ්‍රණය මුහුණට ආලේපයක් ලෙස සකසාගත හැකි වේ. මෙය ඔබේ මුහුණේ පවතින ලප කැලැල් ඉවත් කිරීමට සමත්ය. තවද අමු කෙසෙල් පෙති කිහිපයක් මුහුණ මත තබා සියුම්ව ඇතිල්ලීමෙන්ද ලප කැලැල් ඉවත් වේ. එමෙන්ම පොල්තෙල්, ඔලිව් තෙල් බිඳු කිහිපයක් හෝ පැණි ස්වල්පයක් කෙසෙල් සමඟ මිශ්‍ර කර සාදා ගන්නා මිශ්‍රණය මුහුණට හා දෙඅත් සඳහා හොඳම සත්කාරයකි.
බාර්ලි
කැලැල් මකයි
බාර්ලි ඇටවලින් සාදා ගන්නා පිටි මුහුණේ ලප කැලැල් ඉවත් කිරීමට මුහුණට සත්කාරයක් ලෙසත් භාවිත කළ හැකිවේ.
කැරට්
සමට ගුණයි
විටමින් ,ඒ, ගුණයෙන් සමන්විත කැරට් සමට පෝෂණය ලබාදෙන ආලේපන හා වෙනත් සත්කාරයන් සඳහාද මුසු කරයිග කැරට් යුෂ සමඟ කිරි මිශ්‍ර කර ගැනීමෙන් සාදා මිශ්‍රණය ඔබ ස්නානය කිරීමට පෙර සමට ගැල්විය හැකිය. මෙම මිශ්‍රණය ඔබේ ඇස් වටා පවතින ඉදිමුම් ස්වභාවය නැති කිරීමටද ආලේප කරයි.
පිපිඤ්ඤා
හොඳ පිරිසුදුකාරකයක්
පිපිඤ්ඤා පෙති සමේ ඇති කුණු දුහුවිලි ඉවත් කරන පිරිසුදුකාරකයක් ලෙසටද භාවිත වේ. සම සුසිනිඳු කිරීමටද හැකියාව පවතියි. ගාගත් පිපිඤ්ඤා කිරි ස්වල්පයක් එක්කර මුහුණට ආලේපයක් සකසා ගතහැකිය. මෙය ඔබේ සමට ප්‍රාණවත් බවක් ගෙනදීමට සමත්ය. තෙල් සහිත fruit-maskසමකට පිපිඤ්ඤා පෙතිවලින් මුහුණ පිස දැමීම වඩාත් සුදුසුයි.
මී පැණි
තෙතමනය රඳවයි
මෙය ඔබේ සමට තෙතමනය රඳවා තබාගත හැකි හොඳම ස්වාභාවික ද්‍රව්‍යයකිග සමේ මෘදු භාවයට හා දීප්තිමත් පෙනුමක් හිමිකර ගැනීමට මෙහි සාරය උදවු වේ.
දොඩම්
පිරිසුදුකාරකයක්
‍දොඩම් ලෙලි අව්වේ වියළා ග්‍රයින්ඩ් කර මුහුණට ආලේපයක් ලෙසටද භාවිත කළ හැකි වේග මෙය සමට ඊධදඥප එකක් ලෙසටත් භාවිත කරයි. තවද ‍දොඩම් ලෙලි නටන ජලයේ පොඟවා රැයක් තබා උදෑසන මුහුණට එකක් ලෙසත් යොදාගත හැකිය.
දෙහි
මෙය ඔබේ සම පිරිසුදු කිරීමට සුදුසුම සේදුම්කාරකයකි. (Cleanser) මෙම ශාක සාරය බොහෝ ආලේපනයන්ට නෑමට පෙර භාවිත කරන ආලේපයන්ටත් අඩංගුය. එමෙන්ම මුහුණට කරන (Cleanser) සඳහාද මෙම යුෂ අඩංගු වන අවස්ථා ඇත.
අර්තාපල් අල
ඇසට සුවයක්
මුහුණේ ලප කැලැල් ඉවත් කිරීමට මෙය භාවිත වේ. අල යුෂ ඇස් වටා ඇතිවන ඉදිමුම් අඩු කිරීමටද ආලේප කරයි. කිරි ස්වල්පයක්, කහ කුඩු හා අල කැබැල්ලක් සමඟ මිශ්‍ර කර සාදා ගන්නා මිශ්‍රණය (Face Pack) ලෙසද භාවිත කිරීමට හැකිය. අමු අල ග්‍රයින්ඩ් කර එය තුනී රෙදි කැබැල්ලකින් ඔතා ඇස් මත තැබිය හැකිය. මෙයද දෑසට සහනයක් ගෙන දෙයි.
ලුණු
දෑසට දීප්තිය
මඳක් උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් වත්කර දෑස් සේදීමෙන් දෑසේ දීප්තිමත් බව මතුකර ගත හැකිය.
තේ
විඩාව නිවීමට
පුළුන් කැබැලි දෙකක් ගෙන එය සිසිල් තේ ජලයේ පොඟවා දෑස් පියන් මත තබා ගැනීමෙන් විඩාබර දෙනෙතට ප්‍රබෝධවත් බවක්, සුවයක් ලබාගත හැකිය.
info4713තක්කාලි
තක්කාලි යුෂ ටෝනර් ලෙසද ගන්නා අවස්ථා ඇත. මෙය තෙල් සහිත සමට වඩාත් සුදුසුයිග තක්කාලි ගෙඩියක් දෙකට කපා එම කැබැලි මුහුණේ රවුම් ආකාරයට සියුම්ව පිරිමදින්න. විනාඩි 10-15 පමණ ගතවූ පසු මෙය සෝදා හරින්න. එයට සමට මනා සත්කාරයකි.
රෝස පෙති
සුමුදු සුවයක්
රෝස වතුර ටෝනර් ලෙසද යොදා ගත හැකි වේ. රෝස පෙති ජල බඳුනකට ගලවා දමා රැයක් තබා උදෑසන ටෝනර් එකක් ලෙස භාවිතයට ගන්න. සමට සුමුදු බවක් ලැබේ.
ස්ක්‍රබ් එකක්
මුංඇට හා කඩල කුඩුකර හඳුන් කුඩු හා කස්තුරි එක් කරමින් කෝමාරිකා ජෙල් යොදා තලපයක් ලෙස සාදා ගන්න.
වියළි සමකට පැක් වර්ග
බෙලිල අලිගැටපේරල කිරි වැනි ද්‍රව්‍යයන්ද යොදා ගන්නා අවස්ථා ඇත.
තෙල් සහිත සමට
සඳුන්, කස්තුරි, කහ හා පරිප්පුවලින් සෑදූ තලපයක් මේ සඳහා භාවිත වේ.
ෆේෂල් එකක් සිදුකර අවසානයේ තෙතමනය රඳවා තබා ගැනීමට කෝමාරිකා ජෙල් ආලේප කරයි.

1 comment:

  1. Best Baccarat Odds - FBCasino
    The 제왕 카지노 most popular Baccarat games are at Betfair or the famous Jackpot City casino. As you can see 메리트카지노 from this 바카라사이트 game, Baccarat tables are available on a wide

    ReplyDelete