Monday, October 6, 2014

මානසික ආතතිය පාලනයට ව්‍යායාම කීපයක්

hlll

මානසික ආතතිය පාලනයට ව්‍යායාම.

මානසික ආතතිය, යම් අවස්ථාවකට මුහුණදීමට ඇති අනියත බිය ඇතුලුව විවිධාකාර වු අන්තර් පුද්ගල මෙන්ම සමාජීය කරුණුද මෙම රෝගයට බලපෑ හැක. නමුත් මානසික බිඳ වැටීම් පාලනය කිරීම තුලින් මේ තත්වය මඟ හරවා ගැනීමේ අවස්ථාව ඇත. ඒ ශාරීරික ක්‍රියාකාර්කම් සදහා ඔබේ සිත යොමු කිරීම තුළිනි. ප්‍රතිකාර්යන් අතර වැදගත්ම ස්ථානය හිමිකර ගන්නා මානසික ව්‍යායමය පුද්ගලයාගේ මනස තෘප්තිමත් කරයි. එය මානසික ගැටළු රැසකට විසඳුම් ලබා දෙන්නකි. ඒ බව පර්යේෂකයන් පවා පෙන්වා දී ඇත.

මානසික තෘප්තිය

ශරිර හැඩය, ශක්තිය මනාලෙස පවත්වා ගැනිමේ හැකියාව ලැබීම යම් පුද්ගලයෙකුගේ මානසික තෘප්තියට  හේතුවිය හැක. ලැබෙන ත්‍රප්තිය අනුව මානසික බිඳවැටීම් යථා තත්වයට පත්වීම නිරායාසයෙන් සිදුවේ. ඒ නිසා මානසික ආතතියන් වලට ලක්වුවන්ට් ව්‍යායාම් වල යෙදීමෙන් බොහෝ දුරට මානසික ආතතිය පාලනය කල හැකිවේ.

කළ හැකි ව්‍යායාම්

  • පළමු පියවර

මුනින් වැතිර දෑත් හා පාද හොඳින් ඇදෙන සේ දිගහරින්න. හොඳින් ආශ්වාස, ප්‍රශ්වාස කර සිත ඒක් අරමුණකට ගෙන ඒමට උත්සාහ කරන්න.

  • දෙවැනි පියවර

පාද මත හිඳ ගැනීම, සිරුර හොඳින් ඇදෙන සේ දෑත් හිසට ඉහළින් හරස්කර තබාගන්න. නිතරම සිරුර ඍජුව තබා ගත යුතුය. ඉහත ආකාරයට හොඳින් අශ්වාස, ප්‍රශ්වාස කරන්න. මේ අයුරින් ඔබට කල හැකි වාර ගණනක් කරන්න. සිත එක අරමුණකට යොමු කර ගැනීම අවශ්‍යයි.

  • තෙවැනි පියවර

දකුණු පාදය දණහිසින් නවා තබාගන්න. වම් පාදය හොඳින් ඇදේන සේ දිග හරින්න. දකුණු අත පෘෂ්ඨය මත තබන්න. වම් අත ද හිසට ඉහලින් හොඳින් ඇඳෙන සේ තබා ගන්න. මේ අයුරින් තප්පර 10ක් පමණ රැඳි සිට විරුද්ධ පසටත් යෙදෙන්න.

No comments:

Post a Comment