Monday, October 6, 2014

ස්වභාවික හිසකෙස් සත්කාර

Egg Hair Conditioner

බිත්තර කියන්නෙ ප්‍රෝටින් බහුල ආහාරයක් බව අපි හැමෝම දන්නවා. ඒ වගේම බිත්තර කියන්නෙ හිසකෙස් වලට ඉතාමත් ගැලපෙන ස්භාවික කන්ඩිශනර් එකක්. වර්ථමානයේ ජීවත් වන කාර්ය බහුල කාන්තාවන්ට ඉක්මනින්, පහසුවෙන් සහ ඉතා අඩු වියදමකින් නිවසේදීම පිළියෙල කරගත හැකි  ස්වභාවික සත්කාරයක් පිළිබඳ ඔබ දැනුවත් කරන්නයි අපේ මේ සූදානම.

ඔබට අවශ්‍ය වන දෑ

  • බිත්තර 2
  • ඔලිවි තෙල් මේස හැදි 2

සකස් කරගන්නා ආකාරය

  • කුඩා, ගැඹුරු භාජනයක් ගන්න.
  • එයට බිත්තර 2 දමා හොඳින් ගසන්න.
  • බිත්තර ගසන අතරතුර ටික ටික ඔලිව් ඔයිල් එකතු කරමින් නැවත ගසන්න.

හිසකෙස් හි ගල්වන ආකාරය

  • හිසකෙස් සියල්ලම ආවරණය වන පරිදි හදාගත් මිශ්‍රණය හිසකෙස් (විශේෂයෙන් වියලුන හිසකෙස් වල) හි ගල්වන්න.
  • අගිස්සේ සිට කෙස් මුල දක්වා ද්‍රාවණය ගැලවුන බවට සහතික කර ගන්න.
  • ද්‍රාවණය හිසකෙස් වල විනාඩි 20 පමණ තිබෙන්නට හැර මද සීතල වතුරෙන් සෝදා ඉවත්කරන්න

No comments:

Post a Comment