Thursday, August 21, 2014
වෙළදපලෙන් යම් ඇඳුමක් තෝරා ගැනීමේදී තමන්ගේ පෞරුෂයට ගැලපෙන ඇඳුම මෙන්ම අවස්ථාවට ගැලපෙන ඇඳුම නිවැරදිව තෝරා ගත යුතුය
වෙළදපලෙන් යම් ඇඳුමක් තෝරා ගැනීමේදී තමන්ගේ පෞරුෂයට ගැලපෙන ඇඳුම මෙන්ම අවස්ථාවට ගැලපෙන ඇඳුම නිවැරදිව තෝරා ගත යුතුය .නමුත් බොහෝ දෙනෙක් මේ පිලිබදව විශේෂ අවධානයක් යොමු නොකරයි .විශේෂ අවස්ථාවක් යැයි කි විට බොහෝ දෙනාගේ අවධානය යොමු වනුයේ උත්සව ඇඳුම් පිලිබදව පමණි .විශේෂ අවස්ථා යැයි කි විට සැලකිය යුත්තේ උත්සව අවස්ථා පිලිබදව පමණක් නොවේ .ඇතැම් විට අප නොදැනුවත්ව අපගේ එදිනෙදා ජිවන රටාව තුල බොහෝ විශේෂ අවස්තාවන් හමුවේ .නමුත් ඒ පිලිබදව නොසැලකිලිමත්කම හේතුවෙන් නිවැරදි පෞරුෂයකින් යුතුව එම අවස්ථාවට මුහුණ දීමට ඇති හැකියාව අපෙන් ගිලිහී යයි .එබැවින් අප පළමුව එදිනෙදා ජීවිතයෙහි සාමාන්‍යයෙන් අප මුහුණ දෙන විශේෂ අවස්ථා කීපයක් සලකා බලමු .බොහෝ විට පුද්ගලයාගේ තත්ත්වයට අනුකූලව අවස්ථාවන්ද විවිධාකාර වේ .උදාහරණයක් ලෙස තරුණියක් බිරිඳක් මවක් හා කාර්යාලීය සේවිකාවක් ලෙස ඔවුන් මුහුණ දෙන එදිනෙදා ගමන් බිමන් අවස්ථා විවිධාකාර වේ.එබැවින් අප ඒ පිලිබදව හොඳින් අවධානය යොමු කල යුතුය . මුලින්ම අප තරුණියකගේ එදිනෙදා ගමන් බිමන් අවස්ථා කිහිපයක් පිලිබදව අවධානය යොමු කරමු ..හිරිමල් වියේ පසුවෙන සුන්දර තරුණියන් කෙරෙහි කාගේත් අවධානයය යොමු වේ .බොහෝ අවස්ථාවල මෙවැනි වයසේ තරුණ දරුවන් බොහෝ අනවශ්‍ය කරදර වලට මුහුණ පාන්නේ ඔවුන්ගේ නොදැනුවත්කමින් හෝ නොසැලකිලිමත්කමින් තෝරා ගන්නා ඇඳුම් පැළදුම් නිසාය . මවක් නම් මේ පිලිබදව අවධානය ඉතා හොඳින් යොමු කල යුතුය .තරුණ දරුවන් බොහෝ විට යන්නේ පුද්ගලික පන්ති සඳහාය .විවිධ විලාසිතාවන්ට ඇති ආශාව හා කැමැත්ත නිසාත් වෙබ් අඩවිවල ,වෙළඳ දැන්වීම්වල සඟරාවල හා චිත්‍රපට වල සිටින සුන්දර නිරූපිකාවන් හා නිලියන් අනුකරණය කිරීම නිසා අවස්ථාවන්ට උචිත නොවන විවිධාකාර ඇඳුම් ආයිත්තම් වලින් සැරසී පන්ති යාමට පුරුදු වී ඇත .එවැනි අවස්ථාවක ඔබ මවක් නම් තම දරුවාට වටහා දිය යුත්තේ ඔවුන් යන්නේ අධ්‍යාපනික කටයුත්තකට මිස මෝස්තර නිරූපනයකට නොවන බවය .මේ පිලිබදව ඉතා හොඳින් සැලකිලිමත් විය යුතුය .ඊට හේතුවනම් අද කාලයේ සිදුවන බොහොමයක් අපචාරවලට හේතුව මෙම ඇඳුම් පැළදුම් වීමයි .ඒ නිසා ශරීරයේ අඟ පසඟ පෙන්වන අයුරින් ඇඟටම ඇලුණු ඇඳුම් ඇඳීමෙන් වලකින්න . තරුණියක්ව සිටින ඔබ යම් දිනෙක මවක් ,බිරිඳක් වන විට ඔබගේ ජිවිතයේ එදිනෙදා ගමන් කටයුතු මෙන්ම ඇඳුම් ආයිත්තම් ද වෙනස් වේ .මන්ද යත් මවක් බිරිඳක් ලෙස ඔබගේ සැමියාගේ සහ දරුවන්ගේ ජීවිතය බලන කැඩපත ඔබම වේ .එබැවින් සෑම විටම ඔබ ඇඳුමක් අඳින විට ඔබගේ සැමියා හෝ දරුවන් ගැන ද සිතමින් අවස්තානුකුලව ඇඳුම් තෝරා ගත යුතුය .කාර්යාලයට යන විට ,සැමියාගේ කාර්යාලයට යන විට මෙන්ම උත්සවයකට යන විට විශේෂයෙන් සැලකිලිමත්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment